Tuesday, April 17, 2018

MICROSOFT ISO DOWNLOAD TOOL


හුඟ දවසකින් පොස්ට් එකක් ගේන්න බැරි වුනානේ.ඒ හින්ද අද පොඩි ගැජට් එකක් අරන් ආව.මේ දවස්වල ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි හරි වින්ඩෝස් එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියන එක.ඉතින් හැමතැනම වෙබ්සයිට් වලට ගිහින් එක එක ඒවා ගන්නවා.ගත්තාම තමන්ට ඕනි එක නෑ..එහෙම වුනාම දැනෙන්නේ වෙනම ආතල් එකක්.හයියෝ ඩේට..අන්න ඒක නැති කරන්න තමයි මේ පොඩි ගැජට් එක තියෙන්නේ.මේක අලුත්ම සංස්කරණය නිසා අලුතින් ආපු සියලුම අප්ඩේට් ඇතුලත් වෙනවා.වින්ඩෝස් එක අපිට මයික්‍රොසොෆ්ට් එකෙන් ගන්න පුළුවන් වුනත් එක ඩවුන්ලෝඩ් වෙන්නේ වෙනම ටුල් එකක් හරහා..ඉතින් ඒක නවාත්තල ආයි දාන්න එහෙම බෑ..අනික ගොඩක් කට්ටිය කැමති උපරිම ස්පීඩ් එකකින් ගන්න.ඒකට ඩවුන්ලෝඩ් මැනේජර් එක යුස් කරනවා.ඉතින් මේ සියලු අඩු පාඩු මකල මේකෙන් ඔයාලට කැමති වින්ඩෝස් එකක්..කැමති විදිහකට කැමති බිට් එකකින් කැමති ලන්වේජ් එකකින් ගන්න පුළුවන්.වින්ඩෝස් එක වගේම මයික්‍රොසොෆ්ට් ඔෆිස් එකත් ISO එකක් විදිහටම අප්ඩේට් එකම ගන්න පුළුවන්.ඔයාට තියෙන්නේ ඕනි OS එක තෝරලා ඔයාගේ එඩිෂන් එක තෝරලා ඔය කැමති බිට් එකයි ලන්වේජ් එකයි දුන්නම ISO එක ඩවුන්ලෝඩ් මැනේජර් එක හරහා බබා වගේ එනවා.මේක මයික්‍රොසොෆ්ට් එකෙන් දෙන UNTOUCH ISO එක.එක හින්ද කිසිම වයිරස් එකක් වත් කිසිම අඩුපාඩුවක් වත් තියෙයි කියල සැක හිතන්න එපා.ඇත්තම කිවුවොත් මේකේ අපිට ලයිසන් KEY එක විතරයි නැත්තේ.ගොඩක් යට වැදගත් වෙයි ඉතින්..දන්නා අය ඉන්නවා කියල මම දන්නවා.ඉතින් මේ පොඩි 800KB වගේ ගැජට් එකෙන් ඔන්න ඕක තමයි කරන්නේ.තව දෙයක් මේකේ ALL IN ONE එක නම් හම්බවෙන්නේ නෑ..එහෙනම් පහලින් බාගන්න..බාගෙන නිකන් ටෙස්ට් කරලා බලන්න.අලුතින් වින්ඩෝස් ගන්න අය මේක හරහා ගන්න.


772KB
DOWNLOAD