Saturday, August 19, 2017

LM 3914 AUDIO LED DISPLAY

ගායිස්...ඔන්න මම ඔයාලට කියපු විදිහට ඩිස්ප්ලේ වල හොඳම එක අරං අවා.මේක තමයි ARDUINO වලට මෙහා තියෙන හොදම System Display එක.LB1403 මතකද? LED 05...LM3914 මතකද? LED 10..ඔව්..ඔව්..මේකත් LM3914 තමයි..ඒත් ලොකු වෙනසක් තියෙයි..මේකේ LED "UNLIMITED" ෂුවර්ද?...ඔව්..ඔව්..ෂුවර් හින්දනේ දෙන්නේ ඉතීම්.මේකට LM3914/15/16..කියන IC තුනම දාන්න පුලුවන්.මේ IC එක මම දන්නා තරමින් නම් රු 200ට වැඩි..මම දෙන්නේ IC දෙකක් එකතු කරලා LED 20ක Circuit එකක්.මේ විදිහටම IC ගානත් වැඩි වුණාම LED ගානත් වැඩි වෙනවා.මම කියල දෙන්නම් කොහොමද IC ගාන වැඩි කරගන්නේ කියල.

                                                                  හරි මෙහෙමයි සිද්දිය.මේකේ pin 18ක් තියෙනවා.එකෙන් LED වලටම 10ක් යනවා.ඒ 1 වෙනි pin එකයි...10 ඉඳල 18 වෙනි pin එක වෙනකම්.තව 8ක් ඉතුරුයි.එකෙන් දෙකක් Supply වලට ගියාම ඒ කියන්නේ 3pin එක + 2pin එක - ගියාම තව 6ක් ඉතුරුයි.එකෙනුත් 1ක් ..ඒ 5වෙනි pin එකට අපි Signol එක දෙනවා.ආයි 9වෙනි pin එකෙන් අපි Mode එක වෙනස් කරනවා.එතකොට අපිට pin no 4,6,7,8 විතරයි ඉතුරු.ඔය ටික තමයි අපි වෙනස් කරන්න ඕනි.තනි IC එකේනම් 4 වෙනි එක - දාල 6යි 7යි එකතු කරලා Resistor එකක් හරහා තමි 8 වෙනි එකට යන්නේ.ඕනනං අපිට 8ට Preset එකක් දාල වෙනස්කම් කරතකි.
                                   
                                     දැන් IC දෙකක් දාල හදපු එක මම පහතින් දානවා.ඔයාලට ඊට වඩා IC දාන්න ඕනනම් මෙහෙම කරන්න.පහත රුපයේ අපි හිතමු IC 3ක් දානවා කියල.එතකොට දෙවෙනි IC එකේ ඔය තියෙන විදිහටම 6වෙනි pin එකෙන් 3වෙනි IC එකේ 4 සහ 8 වෙනි දෙකට සම්බන්ද කරන්න විතරයි තියෙන්නේ.ඒ වගේ දිගටම ඔබ දාන IC ගානටම එහෙම කරන්න.හැබැයි බලන්න 6 සහ 7 කියන pin දෙකට Resistor එකක් වැටෙනවා.ඒක 1 වෙනි IC එකේ එක නෙමෙයි 2 වෙනි IC එකේ තියෙන්නේ.මම හිතන්නේ 3ඒණ IC එකක් දැම්මොත් යන විදිහටනම් 3.3k වගේ එකක් හරි යයි.එතන ඔයා පොඩ්ඩක් බලල දාන්න.බාගද එකම Resistor එක වැටුනත් අවුලක් නැතුව ඇති.මටත් එක බලන්න අමතක වුණා.මාත් මේවා Online ටෙස්ට් කරලා තමයි දෙන්නේ.හැම එකම හද හද ඉන්න බෑ නේ.හෝව්...මතක තියාගන්න IC ඔක්කොගෙම 5 වෙනි pin එකට Signol එක එකට දෙන්න.එතන කිසි වෙනස් කමක් නෑ.හරි නේ..මම ගියා....පහත විඩ්යෝ බලන්න.

























 

No comments:

Post a Comment