Friday, August 25, 2017

TDA 2822M USB AMP

සුබ උදාසනක් යාළුවන්ට.වැඩි දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.මේක ගැන පොඩි හැඳින්වීමක් කරලා යන්නම්.මේක ගැන ගොඩක් අය දන්නවත් ඇති නොදන්නවත් ඇති.මේක ඇත්තටම ටිකක් විශේෂ පරිපථයක්.ඒ කියන්නේ මේක AMP එකක් උනාට අඩු Voltage එකකින් වැඩකරන එකක්.ඕගොල්ලෝ පාවිච්චි කරන USB Speakers තියෙන්නේ අන්න ඒක ඇතුලේ තියෙන්නේ මේක තමයි.අපි දන්නවා USB එකකින් Out කරන්නේ 5V කියල.ඉතින් මේක වැඩකරන්නේ අන්න ඒ Voltage එකෙන්.වැඩිය අනන් මනං මොකුත් නෑ.මෙතන තියෙන්නේ Power Amp එකක් විතරයි.මේක අඟල් 2 වගේ Speakers වලට තමයි හරි යන්නේ.ඉතින් ඔයාලට කඩෙන් රුපියල් 700ක් 800ක් දීල ගන්න ඕනි නෑ.මේ ටිකට රුපියල් 100ක් වත් යන්නේ නෑ.ඔයා මේක USB වලටම පවිච්චි කරනවන්ම් මෙහෙම්මම සම්බන්ද කරන්න.නැතුව වෙන දෙකින් Power දෙනවනම් කෝකටත් කියල 7805 කියන Regulator එක දෙනවනම් තමයි හොඳ.මොකද අපේ අතින් මෙහෙම හිතමුකෝ.ඔයා Powerpack එකකින් supply දෙනවනම් 6v වලට දාලනේ දෙන්නේ.ඉතින් අපි ඒක වෙන වැඩකට ගත්තොත් 12v වලට වගේ අපිට අමතක වෙලා ආයි මේකට ගහනකොට 12ම Select කරලා තිබුනත් වැඩේ අවුලනේ.අන්න ඒකයි මම 7805 දාන්න කිවුවේ...USB නැතුව වෙන මොකකින් හරි Supply දෙනවනම්.හරි වැඩේ ඉතා සරලයි.PIN 8 IC එකක් තියෙන්නේ.දෙකක් supply වලට තව 2ක් Speakers වලට තව 2ක් Line In වලට තියෙන්නේ.ඉතුරු දෙකට Cap දෙකක් දාල - ට දෙන්න තමයි තියෙන්නේ. 






No comments:

Post a Comment