Wednesday, September 13, 2017

ARDUINO LED SYSTEM


සුභ සන්ද්‍යාවක් යාලුවනේ..ඔන්න කිවුව විදිහටම මම මගේ පලවෙනි අඩිනෝ විඩ්යෝ එක අරං ආව.හැබැයි සොරි වෙන්න ඕනි මේකේ විඩ්යෝ එකනම් එච්චරම පැහැදිලි නැතුව ඇති.බල්බ් වල පාටත් ටිකක් අවුල් උනා ඒ හන්ද.හොඳ කැම් එකක් තිබුනේ නෑ.ලොකුවට දෙයක් කියන්න යන්නේ නෑ.අඩිනෝ පිලිබඳ යම් දැනුමක් තියෙන අයට තමයි මේ ටික කියන්නේ.මොකද අඩිනෝ ඉගෙනගන්න ඕනි අය ඉන්නවනම් ලංකාවේ සහෝල දෙන්නෙක් එකකරනවා.ඒ නිසල් අයියයි...දිලීප අයියයි.ඉතින් මුලික දැනුම ගන්න ඕනි නම් ඒ චැනල් දෙකට ගිහින් බලන්න.මම පහලින් ලින්ක් දෙක දෙන්නම්.මට කියා දෙන්න විදිහක් නෑ.හරි කැම් එකක් සහ කටහඬ දාන්න නැතුව විඩ්යෝ කරන්න බෑ.මට පුළුවන් විදිහට ඔයාලට කියල දෙන්නම්.අනික මම කරන හැම ප්‍රොජෙට් ෆයිල් එකම මේකේ දානවා.ඔයාලට පුළුවන් ඒවා බාගෙන වෙනස් කම් කරලා බලන්න.
             හරි මම අද මුලින්ම ගෙනාවේ එල්.ඊ.ඩි. සිස්ටම් එකක්.කොයි කවුරුත් මේකනේ මුලින්ම කරන්නේ.මේකේ රටා 30ක් දාල තියෙනවා.ඒක ඕනිම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දාල තියෙන හැටි දැක්කාම.මේකේ වැදගත්කම කියල ඉන්නම්.මේවගේ සිස්ටම් එකක් ගොඩක් වැදගත් වෙන්නේ බුදුරැස් මාලා වගේ ඒවාට.ඉතින් මෙහෙමයි ගොඩක් බුදුරැස් මාලා වල චැනල් 4 යි තියෙන්නේ.ලොකු මයික්‍රෝකොන්ට්‍රොලේර් එකක් දැම්මොත් චැනල් ගාන වැඩි වෙනවා.නමුත් අපිට නිවසේදීම අඩු මුදලකට අපේ ගානට හදාගන්න පුළුවන් චැනල් 4 ක් තියෙන රටා 15ක් 30ක් යන ඒවා විතරයි.ඇත්තටම ඔය ම්ම්ම්ම්ම් අපි කියමුකෝ රටා 75ක බුදුරැස් මාලාවක් ගමු.එකේ ඔයා හිතන්නේ රටා 75ම යනවද?මම නම් කියන්නේ නෑ.කියල.මොකද ඕවට එන ඔය සාමාන්‍ය මයික්‍රෝකොන්ට්‍රොලේර් එකේ දාන්න පුළුවන් උපරිම රටා 15ක් වගේ තමයි.අපි කියමුකෝ 20ක් කියල.අන්න ඒ ගාන.මම රටා කියන්නේ එකකට එකක් වෙනස් සිස්ටම් හරිද.එහෙම බැලුවොත් රටා 15යි.ඉතින් ඔය බුදුරැස් මාලා වල led කොටස් 3කට හරි 4කට හරි කලා තියෙනවා.ඒ කිඅන්නේ ඉරි කෑලි වගේ ටිකක් තියෙනවා රවුම් වගේ ටිකක්..තව කිරිබත් කෑලි වගේ කොටස් වලට කඩල තමයි තියෙන්නේ.ඔකේ ඉරි ටිකට රටා 15 දාල...ආයි ඒ ටිකම රවුම් ටිකටත් දානවා.එතකොට එයාල කියනවා රටා 30ක් කියල.ඔය වගේ කොටස් 4ක් තිබුනොත් බුදුරැස් මාලාවේ රටා 60යි.තව ඒ කොටස් දෙකක් තුනක් එකට යනකොට රටා වැඩිවෙනවා 150ක් 200ක් වගේ වෙනකම්.එතකොට කඩේ විකුනන්නේ ඕක රටා 150 බුදුරැස් මාලාව කියල.ඒ වගේමයි ගානත්.මම රටා 250ක් කියන එකක් ගත්ත එක බෝඩ් ඒකයි අයි.සි. ඒකයි රු 1950ක් වුණා.බෝඩ් එකේ led ටික මම කිවුව වගේ කොටස් තුනකට කඩල තිබුනේ.ඔය ටික ඉතින් මික්ස් වේවි යනකොට කොහොමත් රටා ඒ ගාන වැටෙනවා.නමුත් මම කොටස් දෙකක් නැතුව එක කොටසක් හදල බැලුව එකේ රටා 30ක් වත් නෑ.ඉතින් අන්න එහෙමයි ඔය රටා යන බුදුරැස් මාලා හදන්නේ.මෙහෙමයි අපි දාන අයි.සි එක අනුව ඒකෙ ලෝඩ් කරන්න පුළුවන් ඩේට වැඩි වෙනවා.ගොඩාක් ඔය සාමාන්‍ය රු 1000ට 1500ට තියෙන බෝඩ් වලට එන්නේ pin 8 තියෙන 12F675 කියන කොන්ට්‍රොලර් එකනේ.ඔකේ තියෙන්නේ පොඩි kb ගානක්.ඕකට උපරිම ඉතින් රටා 10ක් 12ක් දායි.හැබැයි ඔයාලා දන්නවද දන්නේ නෑ..මට මෙන්න මෙහෙම දෙයක් වුණා..ඔය අයි.සි වල වොල්ටජ් එක 5v නේ.ඉතින් ඕකට අපි 7805 කියන රේගියුලේටර් එක දාලතම්යි හදන්නේ.එතකොට ඔකේ රටා 15ගානට යනවා.ඔයාලා හොන්දට බලන්න ඔය රේගියුලේටර් එක ගලෝල එතනට රෙසිස්ටර් එකක් දාන්නකෝ.මම නම් දැම්මේ 220ඕම වගේ තමයි මතක. මගේ රටා 35කියල ගහල තිබුන බුදුරැස් මාලාවේ රටා 17ක් ගියා...රෙසිස්ටර් එකෙන් සප්ලයි දුන්නම ඔකේ රටා 38ක් ගියා..කොහොම වුනදන්න්දන්නේ නෑ.ඔය වගේ දෙක තුනක්ම මම හැදුව.රේගියුලේටර් එක අයින් කලාම රටා ගාන වැඩි වෙනවා.පරිස්සමෙන් කරන්න.පොඩ්ඩ ගැස්සුනොත් අයි.සි එක ඉවරයි.මට මෙන්න මේ ටික තමයි කියන්න ඕනි වෙලා හිටියේ.
                                                       දැන් එමු අපේ අඩිනෝ එකට.මේකට මම රටා 30ක් දාල තියෙනවා.එකින් එකට වෙනස් ඒවා.සරල විදිහට.මිට වඩා දාන්න පුළුවන් මම දැම්මා 63ක් වෙනකන් එකට කෝඩ් කරන විදිහක් තියෙනවා.මම ඒකත් දෙන්නම් ඔයාලට මේකෙන් මුල ටික අල්ල ගන්නකෝ.ඉතින් අර බෝඩ් වල රටා 15ක් යන එක 150 කියනවනම්...මේකේ 30ක් යන එක ඒ විදිහට බැලුවොත් 300ක් වත් යනවා.ඒවා වැඩක් නෑ.මේකේ මම චැනල් 8ක් අරං තියෙනවා.ඒ කියන්නේ ලොකු බුදුරැස් මාලා වලට එන විදිහට.4 කොටස් දෙකක් තමයි තියෙන්නේ.මේකේ ඕන්නං 4ක් වෙනම යන්නත් අනිත් 4 වෙනම යන විදිහටත් හදන්න පුළුවන්.මම එහෙම කලේ නෑ මේක මුල් එක හන්ද.තව ඕනිනම් මේ 8 අපිට 16...32...64..වගේ කරන්න පුළුවන්.එකට දාන තව අයි.සි වර්ගයක් තියෙනවා.ඒවත් පස්සට දෙන්නම්.මෙහෙමයි led වැඩ වලට නම් ඉතින් මේක නැතුවට වෙනම අයි.සි. ප්‍රෝග්‍රෑම් කරලා ගන්නත් පුළුවන් කිට් එකෙන්.ඒකට ඕනි කොන්ට්‍රොලර් එක දාල ප්‍රෝග්‍රෑම් කරන්න තියෙන්නේ.නමුත් ඒවයෙත් මම අර උඩින් සඳහන් කරපු දේම තමයි.අවුට් පුට් මෙච්චරයි මෙච්චරයි කියල කියනවා ඉතින්.ඔය කොයිකටත් දාන්න පුළුවන් ඩේට ගානක් තියෙනවා.මම led ගැන කතා කරන්නේ හරිද.ඇත්තටම අඩිනෝ ගොඩක් වටිනවා මොකද කඩෙන් ගත්තොත් රු 1500ක් දීල බෝඩ් එක අරං එයාල දාල තියෙන රටා ටිකටයි බෝඩ් ඩිසයින් එකට තමයි අපිට හම්බෙන්නේ.මේක රු 950ක් දුන්න ගත්ත..අපිට ඕනි රටා ගානක් කැමති විදිහට අපලෝඩ් කරගෙන බෝඩ් ඩිසයින් ඒකත් අපිටම කරගෙන හිතේ හැටියට හදාගන්න පුළුවන්..මේකේ තියෙන ටික මකල ආයි ඕනි නම් වෙන ටිකක් වුනත් දාගන්න පුළුවන්.අන්න එහෙම පොඩි පොඩි වාසි ටිකක් මේකේ තියෙයි.මේක අඩිනෝ උනො බෝඩ් එකකින් තමයි හැදුවේ..එකේ 32kb තමයි උපරිම දාන්න පුළුවන්.ඉතින් මේ led පැත්තෙන් පොඩි වැඩක් විතරයි.මේකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.හරියටම කිවුවොත් බල්බ් එකක් ඔටෝ මැටික් කරන එකේ ඉඳල රොබොටික් වෙනකම් යන්න පුළුවන්.මේකෙන් කරන්න පුළුවන් දේවල් ගැන ගොඩාක් විඩ්යෝ තියෙයි..ඒවා බලන්න කියන දේත් එක්ක මම යනවා..මතක ඇතුව ප්‍රශ්න තියෙයිනම් මැසේජ් එකක් දාන්න.ඒ වගේම මම අර අයියල දෙන්නගේ ලින්ක් දෙකත් යටින් දානවා.බලපු නැති අය අරං බලන්න.එහෙනං පල්ලට ගිහින් බලන්න.

නිසල් හේවාගමගේ අයියගේ චැනල් එක.
https://www.youtube.com/user/98765432129398

දිලීප ජයවර්ධන අයියගේ චැනල් එක.
https://www.youtube.com/playlist?list=PLZatEASB3FSKth26VZXKPBI3Hz5MLlZ7N


මේක මගේ පලවෙනි අඩිනෝ අත්හදා බැලීම.

















මෙතනින් මේ විඩ්යෝ එකේ තියෙන led පැටන් ටික ගන්න.
DOWNLOAD

No comments:

Post a Comment