Sunday, September 10, 2017

FM STEREO DECODER


අද පොස්ට් එක ඉලෙක්ටෝනික් කරන යාළුවන්ට.ඔයාලට හුඟ දවසකින් දෙයක් දෙන්නත් බැරි වුනානේ.ඉතින් අද මම ගේනවා වටිනා පරිපථයක්.අද නම් ෆෝන් හින්ද ගොඩක් අය රේඩියෝ අහනවා අඩු ඇති.නමුත් හැම නිවසකම රේඩියෝ එකක් තියෙනවා.ඔයාලා ගොඩක් සවුන්ඩ් සිස්ටෙම් පාවිච්චි කරනවනේ.ඒවා ඉතින් මොකක් හරි ඉන්පුට් එකක් දුන්නම අපිට ලේෆ්ට් සහ රයිට් ස්පිකර් වලින් ඇහෙනවා.ඉතින් ඊට ටිකක් සමාන දෙයක් තමයි දෙන්නේ.මේක කට්ටිය දන්නවත් ඇති.නොදන්නවත් ඇති.නොදන්නා අයට තමයි මම මේක ගෙනාවේ.
       මුලින්ම මම මේක හදල ඉවරවෙලා තමයි මේක ඉදිරිපත් කරන්නේ කියල කියන්න ඕනි.හරි...ඔයාලා රේඩියෝ පාවිච්චි කරනවනේ.ඒකෙ සවුන්ඩ් කොහොමද.සාමාන්යෙන් අපි සිඩි එකක් දාල සින්දු අහනකොට..ෆිල්ම් එකක් බලනකොට නියෙමෙට ස්ටීරියෝ සවුන්ඩ් එනවනේ.නමුත් රේඩියෝ එකකින් කොහොමද සවුන්ඩ් එන්නේ.ඔයාලට ස්ටීරියෝ ඇහෙනවද?පොඩි රේඩියෝ වල ඉඳන් ලොකු සෙටප් වලට එනකන් රේඩියෝ තිබ්බත් ඒවායේ දෙපැත්තට ස්පිකර් තිබුනත් ස්ටීරියෝ ඇහෙනවද.ගොඩක් හොඳ ඒවායේ නම් ඇති.ඔයාලා හොඳට බලන්න ඔය සෙටප් එකක් ගලෝල..ඔයාගේ රේඩියෝ එකෙන් එන සිග්නල් එක Pre-Amp එකට හෝ Equlaizer එකට යන්නේ..සිග්නල් එක දෙකට කඩල.එක්කෝ රෙසිස්ටර් දෙකක්...ට්‍රාන්සිස්ටර් දෙකක් හරි පොඩි අයි.සි. එකකින් වගේ තමයි.එහෙම දුන්නම රේඩියෝ සිග්නල් එක ස්ටීරියෝ වෙන්නේ නෑ.ස්පිකර් දෙකෙන් ඇහුනට බලන්න එකම විදිහට තමයි ඒ දෙකෙන්ම ඇහෙන්නේ.ඉතින් අන්න ඒක වෙනස් කරන්න තමයි මේ පරිපථය තියෙන්නේ.
                                                                                  හරි එහෙනම් පින්තුරයට එමු.මේකේ තියෙන උපාංග ඔයාලට ඕනි විදිහට වෙනස් කරගන්න පුළුවන්.හැම එකම නෙමෙයි හැබැයි.මේක මම හදල දැන් අවුරුදු 10ක් විතර වෙනවා.ඉතින් අද මම CFL Circuit  වගයක් හදනකොට මේක දැක්ක.ඉතින් මේක මට දෙන්න හිතුන.ඔක්කොටොම ඉස්සෙල්ල මම බඩු ගන්න ෂොප් එකෙන් මම කෝල් කරලා ඇහුව මේක අයි.සී එක තියෙනවද කියල.මොකද ඒක දැන් එන්නේ නැත්තං මේක දීල වැඩක් වෙන්නේ නෑ නේ.ඉතින් තියෙනවා කිවුව.මේ ටිකට ඔයාලට රු 100 ක් වත් යන්නේ නෑ.හරි මේකේ 1 පින් එක සිග්නල් එක දෙන්නත් 8 සහ 9 පින් දෙක සිග්නල්අවුට් කරන්නත් තමයි තියෙන්නේ.ඊට අමතරව අපිට වැදගත් වෙන්නේ 4 සහ 6 වෙනි පින් දෙක.ඔයාලගේ රේඩියෝ එකෙන් මේකට සිග්නල් එක දුන්නම මේකේ අවුට් පුට් දෙක ඔයාලගේ Pre-Amp එකට හෝ Equlaizer එකේ ඉන්පුට් එකට දෙන්න.ඒ දීල ඔයාගේ දෙපැත්තෙන් බෆල් දෙක තියාගන්න.තියාගෙන රේඩියෝ එක හොඳට ටියුන් කරන්න.සවුන්ඩ් එක හොඳටම පැහැදිලි වෙනකම්.හරි ඔයාට දැන් රේඩියෝ එක ඇහෙනවා.බාගද එක පාරම ස්ටීරියෝ ඇහෙන්නත් පුළුවන්.ඇහුනේ නැත්තං මෙන්න මෙහෙම කරන්න.දැන් තමයි අර පින් දෙක ඕනි වෙන්නේ.ඔයාට පේනවා 4 වෙනි පින් එකට Preset එකක් දාල තියෙනවා.R3=4.7K(5K) කියල තියෙන්නේ අන්න ඒක.ඔයා ඕක හෙමින් කරකවන්න.කරකවනගමන් බලන්න 6 වෙනි පින් එකට සෙට් කරලා තියෙන LED එක පත්තු වෙන්නේ කොතනද කියල.අන්න ඒ පත්තු වෙනකොට Preset එක කරකවල කොතනද තියෙන්නේ බලල එතන නවත්තන්න.හැබැයි LED එක දිගටම පත්තු වෙලා තියෙන්න ඕනි.නිවී නිවී තියෙන්න බෑ.එහෙම වුනොත් ඔය බල්බ් එක හරියටම පත්තුවෙනක්න් අරක කරකවගන්න ඕනි.ඒකයි මම මුලින් කිවුවේ මේක ටෙස්ට් කරන්න රේඩියෝ එක හොඳට ටියුන් කරගන්න කියල.ඔක්කොම හරිනන් දැන් ඔයාට බෆල් දෙකෙන් ලස්සනට දෙපැත්තට කැඩිලා එන හරියට ෆිල්ම් එකක වගේ ලස්සනට සවුන්ඩ් ඇහෙයි.ඔයාලට ස්ටීරියෝ ගතිය මදිනන් කරන්න තියෙන්නේ 6 වෙනි පින් එකේ තියෙනවා රෙසිස්ටර් එකක්.අන්න ඒක අඩු කරගන්න.ඔතන 560Ohm එකක් නේ තියෙන්නේ.ඒකට 150Ohm වගේ දැම්මනං නියමයි.මම දාල තිබුනෙත් ඒක.බලන්න හැබැයි LED එක පිච්චේන්නත් ඉඩ තියෙනවා.150Ohm එකටනං අවුලක් වුනේ නෑ.ඔන්න ඔය වෙනස් කම් ටිකත් කරගෙන බලන්නකෝ සවුන්ඩ් කොහොමද කියල.ලොවෙත් නෑ ඉතින්.
                                                 මේක 5V-12V වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්.සාමාන්‍ය සෙට් එකක වෝල්ටේජ් එක 12V නේ.සමහර ඒවා තියෙනවා 24V/30V වලින් වගේ වැඩ කරන ඒවා.ඒ වගේ එකකට මේක දානවනම් ඔය රේග්යුලේටර් එකක් දාල දාන්න.මම නම් කියන්නේ 7809 කියන එක ඇති.12V වලට මේක ටිකක් රත්වෙන්න බලනවා.

හරි එහෙනම් හදලම බලල වෙනස තේරුම් ගන්න කියල කියනවා.ආයිත් මේ වගේ දෙකින් හම්බවෙමු.
 


No comments:

Post a Comment