Monday, September 25, 2017

EASEUS DATA RECOVERY 11.6.0


මේ තියෙන්නේ මටනම් 100% ෂුවර් පට්ට සොෆ්ට් එකක් තමයි.මාත් ගොඩක් රිකවරි සොෆ්ට් පාවිච්චි කරලා තියෙනවා.එකකින්වත් මට මේ තරම් හොඳට රිකවරි කරගන්න බැරි වුණා.පොටෝ වගේ දේවල් ආවත් 4gb වගේ විඩ්යෝ රිකවරි කරන එක අනිත් එවන් මම දන්නේ නෑ..වැඩිය හෙවුවෙත් නෑ.මේකෙන් මම 1ට්.බි. හාඩ් එකක් එහෙම්මම ගත්ත.රිකවරි එකට වෙලා නොගියත් ස්කෑන් එකට නං ගොඩාක් වෙලා යනවා.මගේ ස්කෑන් එකට පැය 9ක් ගියා..වැඩේ ගොඩ හැබැයි.

මේක යුස් කරද්දී නෙට් නං තියෙන්න බෑ..බෑ..බෑ...මයි.එහෙම වුනොත් ආයි මේක ට්‍රේල් එකක් වෙනවා.මම අරන් පාවිච්චි කරපු සොෆ්ට් එකම තමයි මම මේ අප්ලෝඩ් කරලා තියෙන්නේ.ඒ හින්ද දෙපාරක් හිතන්න ඕනි නෑ.ඉන්ස්ටල් කරන විදිහ ඇතුලේ තියෙනවා.සරලවම කිවුවොත් මුලින් සොෆ්ට් එක ගහන්න.ගහල ඔපෙන් කරන්න එපා.ක්ලෝස් කරලා 1ස්ට් ක්‍රැක් ෆෝල්දෙර් එකේ තියෙන එක කොපි පේස්ට් කරන්න.පස්සේ ඔපෙන් කරලා කි ජේන් එකෙන් කි දාන්න.ආයි ක්ලෝස් කරලා 2න්ඩ් ෆෝල්දෙර් එකේ ක්‍රැක් එක දාන්න.එච්චරයි.භාගතකිරිමේදී අපහසුතාවයට ලක් වුවහොත් කමෙන්ට් එකක් දාල තියන්න.නෙත්ත්නම් මගේ එෆ්.බි එකට මැසේජ් එකක් දාන්න.
My FB Account

31MB
DOWNLOAD
NERO PLATINUM SUITE 2018 19.0























1.66GB 
TORRENT DOWNLOAD 

Wednesday, September 13, 2017

ARDUINO LED SYSTEM


සුභ සන්ද්‍යාවක් යාලුවනේ..ඔන්න කිවුව විදිහටම මම මගේ පලවෙනි අඩිනෝ විඩ්යෝ එක අරං ආව.හැබැයි සොරි වෙන්න ඕනි මේකේ විඩ්යෝ එකනම් එච්චරම පැහැදිලි නැතුව ඇති.බල්බ් වල පාටත් ටිකක් අවුල් උනා ඒ හන්ද.හොඳ කැම් එකක් තිබුනේ නෑ.ලොකුවට දෙයක් කියන්න යන්නේ නෑ.අඩිනෝ පිලිබඳ යම් දැනුමක් තියෙන අයට තමයි මේ ටික කියන්නේ.මොකද අඩිනෝ ඉගෙනගන්න ඕනි අය ඉන්නවනම් ලංකාවේ සහෝල දෙන්නෙක් එකකරනවා.ඒ නිසල් අයියයි...දිලීප අයියයි.ඉතින් මුලික දැනුම ගන්න ඕනි නම් ඒ චැනල් දෙකට ගිහින් බලන්න.මම පහලින් ලින්ක් දෙක දෙන්නම්.මට කියා දෙන්න විදිහක් නෑ.හරි කැම් එකක් සහ කටහඬ දාන්න නැතුව විඩ්යෝ කරන්න බෑ.මට පුළුවන් විදිහට ඔයාලට කියල දෙන්නම්.අනික මම කරන හැම ප්‍රොජෙට් ෆයිල් එකම මේකේ දානවා.ඔයාලට පුළුවන් ඒවා බාගෙන වෙනස් කම් කරලා බලන්න.
             හරි මම අද මුලින්ම ගෙනාවේ එල්.ඊ.ඩි. සිස්ටම් එකක්.කොයි කවුරුත් මේකනේ මුලින්ම කරන්නේ.මේකේ රටා 30ක් දාල තියෙනවා.ඒක ඕනිම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දාල තියෙන හැටි දැක්කාම.මේකේ වැදගත්කම කියල ඉන්නම්.මේවගේ සිස්ටම් එකක් ගොඩක් වැදගත් වෙන්නේ බුදුරැස් මාලා වගේ ඒවාට.ඉතින් මෙහෙමයි ගොඩක් බුදුරැස් මාලා වල චැනල් 4 යි තියෙන්නේ.ලොකු මයික්‍රෝකොන්ට්‍රොලේර් එකක් දැම්මොත් චැනල් ගාන වැඩි වෙනවා.නමුත් අපිට නිවසේදීම අඩු මුදලකට අපේ ගානට හදාගන්න පුළුවන් චැනල් 4 ක් තියෙන රටා 15ක් 30ක් යන ඒවා විතරයි.ඇත්තටම ඔය ම්ම්ම්ම්ම් අපි කියමුකෝ රටා 75ක බුදුරැස් මාලාවක් ගමු.එකේ ඔයා හිතන්නේ රටා 75ම යනවද?මම නම් කියන්නේ නෑ.කියල.මොකද ඕවට එන ඔය සාමාන්‍ය මයික්‍රෝකොන්ට්‍රොලේර් එකේ දාන්න පුළුවන් උපරිම රටා 15ක් වගේ තමයි.අපි කියමුකෝ 20ක් කියල.අන්න ඒ ගාන.මම රටා කියන්නේ එකකට එකක් වෙනස් සිස්ටම් හරිද.එහෙම බැලුවොත් රටා 15යි.ඉතින් ඔය බුදුරැස් මාලා වල led කොටස් 3කට හරි 4කට හරි කලා තියෙනවා.ඒ කිඅන්නේ ඉරි කෑලි වගේ ටිකක් තියෙනවා රවුම් වගේ ටිකක්..තව කිරිබත් කෑලි වගේ කොටස් වලට කඩල තමයි තියෙන්නේ.ඔකේ ඉරි ටිකට රටා 15 දාල...ආයි ඒ ටිකම රවුම් ටිකටත් දානවා.එතකොට එයාල කියනවා රටා 30ක් කියල.ඔය වගේ කොටස් 4ක් තිබුනොත් බුදුරැස් මාලාවේ රටා 60යි.තව ඒ කොටස් දෙකක් තුනක් එකට යනකොට රටා වැඩිවෙනවා 150ක් 200ක් වගේ වෙනකම්.එතකොට කඩේ විකුනන්නේ ඕක රටා 150 බුදුරැස් මාලාව කියල.ඒ වගේමයි ගානත්.මම රටා 250ක් කියන එකක් ගත්ත එක බෝඩ් ඒකයි අයි.සි. ඒකයි රු 1950ක් වුණා.බෝඩ් එකේ led ටික මම කිවුව වගේ කොටස් තුනකට කඩල තිබුනේ.ඔය ටික ඉතින් මික්ස් වේවි යනකොට කොහොමත් රටා ඒ ගාන වැටෙනවා.නමුත් මම කොටස් දෙකක් නැතුව එක කොටසක් හදල බැලුව එකේ රටා 30ක් වත් නෑ.ඉතින් අන්න එහෙමයි ඔය රටා යන බුදුරැස් මාලා හදන්නේ.මෙහෙමයි අපි දාන අයි.සි එක අනුව ඒකෙ ලෝඩ් කරන්න පුළුවන් ඩේට වැඩි වෙනවා.ගොඩාක් ඔය සාමාන්‍ය රු 1000ට 1500ට තියෙන බෝඩ් වලට එන්නේ pin 8 තියෙන 12F675 කියන කොන්ට්‍රොලර් එකනේ.ඔකේ තියෙන්නේ පොඩි kb ගානක්.ඕකට උපරිම ඉතින් රටා 10ක් 12ක් දායි.හැබැයි ඔයාලා දන්නවද දන්නේ නෑ..මට මෙන්න මෙහෙම දෙයක් වුණා..ඔය අයි.සි වල වොල්ටජ් එක 5v නේ.ඉතින් ඕකට අපි 7805 කියන රේගියුලේටර් එක දාලතම්යි හදන්නේ.එතකොට ඔකේ රටා 15ගානට යනවා.ඔයාලා හොන්දට බලන්න ඔය රේගියුලේටර් එක ගලෝල එතනට රෙසිස්ටර් එකක් දාන්නකෝ.මම නම් දැම්මේ 220ඕම වගේ තමයි මතක. මගේ රටා 35කියල ගහල තිබුන බුදුරැස් මාලාවේ රටා 17ක් ගියා...රෙසිස්ටර් එකෙන් සප්ලයි දුන්නම ඔකේ රටා 38ක් ගියා..කොහොම වුනදන්න්දන්නේ නෑ.ඔය වගේ දෙක තුනක්ම මම හැදුව.රේගියුලේටර් එක අයින් කලාම රටා ගාන වැඩි වෙනවා.පරිස්සමෙන් කරන්න.පොඩ්ඩ ගැස්සුනොත් අයි.සි එක ඉවරයි.මට මෙන්න මේ ටික තමයි කියන්න ඕනි වෙලා හිටියේ.
                                                       දැන් එමු අපේ අඩිනෝ එකට.මේකට මම රටා 30ක් දාල තියෙනවා.එකින් එකට වෙනස් ඒවා.සරල විදිහට.මිට වඩා දාන්න පුළුවන් මම දැම්මා 63ක් වෙනකන් එකට කෝඩ් කරන විදිහක් තියෙනවා.මම ඒකත් දෙන්නම් ඔයාලට මේකෙන් මුල ටික අල්ල ගන්නකෝ.ඉතින් අර බෝඩ් වල රටා 15ක් යන එක 150 කියනවනම්...මේකේ 30ක් යන එක ඒ විදිහට බැලුවොත් 300ක් වත් යනවා.ඒවා වැඩක් නෑ.මේකේ මම චැනල් 8ක් අරං තියෙනවා.ඒ කියන්නේ ලොකු බුදුරැස් මාලා වලට එන විදිහට.4 කොටස් දෙකක් තමයි තියෙන්නේ.මේකේ ඕන්නං 4ක් වෙනම යන්නත් අනිත් 4 වෙනම යන විදිහටත් හදන්න පුළුවන්.මම එහෙම කලේ නෑ මේක මුල් එක හන්ද.තව ඕනිනම් මේ 8 අපිට 16...32...64..වගේ කරන්න පුළුවන්.එකට දාන තව අයි.සි වර්ගයක් තියෙනවා.ඒවත් පස්සට දෙන්නම්.මෙහෙමයි led වැඩ වලට නම් ඉතින් මේක නැතුවට වෙනම අයි.සි. ප්‍රෝග්‍රෑම් කරලා ගන්නත් පුළුවන් කිට් එකෙන්.ඒකට ඕනි කොන්ට්‍රොලර් එක දාල ප්‍රෝග්‍රෑම් කරන්න තියෙන්නේ.නමුත් ඒවයෙත් මම අර උඩින් සඳහන් කරපු දේම තමයි.අවුට් පුට් මෙච්චරයි මෙච්චරයි කියල කියනවා ඉතින්.ඔය කොයිකටත් දාන්න පුළුවන් ඩේට ගානක් තියෙනවා.මම led ගැන කතා කරන්නේ හරිද.ඇත්තටම අඩිනෝ ගොඩක් වටිනවා මොකද කඩෙන් ගත්තොත් රු 1500ක් දීල බෝඩ් එක අරං එයාල දාල තියෙන රටා ටිකටයි බෝඩ් ඩිසයින් එකට තමයි අපිට හම්බෙන්නේ.මේක රු 950ක් දුන්න ගත්ත..අපිට ඕනි රටා ගානක් කැමති විදිහට අපලෝඩ් කරගෙන බෝඩ් ඩිසයින් ඒකත් අපිටම කරගෙන හිතේ හැටියට හදාගන්න පුළුවන්..මේකේ තියෙන ටික මකල ආයි ඕනි නම් වෙන ටිකක් වුනත් දාගන්න පුළුවන්.අන්න එහෙම පොඩි පොඩි වාසි ටිකක් මේකේ තියෙයි.මේක අඩිනෝ උනො බෝඩ් එකකින් තමයි හැදුවේ..එකේ 32kb තමයි උපරිම දාන්න පුළුවන්.ඉතින් මේ led පැත්තෙන් පොඩි වැඩක් විතරයි.මේකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.හරියටම කිවුවොත් බල්බ් එකක් ඔටෝ මැටික් කරන එකේ ඉඳල රොබොටික් වෙනකම් යන්න පුළුවන්.මේකෙන් කරන්න පුළුවන් දේවල් ගැන ගොඩාක් විඩ්යෝ තියෙයි..ඒවා බලන්න කියන දේත් එක්ක මම යනවා..මතක ඇතුව ප්‍රශ්න තියෙයිනම් මැසේජ් එකක් දාන්න.ඒ වගේම මම අර අයියල දෙන්නගේ ලින්ක් දෙකත් යටින් දානවා.බලපු නැති අය අරං බලන්න.එහෙනං පල්ලට ගිහින් බලන්න.

නිසල් හේවාගමගේ අයියගේ චැනල් එක.
https://www.youtube.com/user/98765432129398

දිලීප ජයවර්ධන අයියගේ චැනල් එක.
https://www.youtube.com/playlist?list=PLZatEASB3FSKth26VZXKPBI3Hz5MLlZ7N


මේක මගේ පලවෙනි අඩිනෝ අත්හදා බැලීම.

















මෙතනින් මේ විඩ්යෝ එකේ තියෙන led පැටන් ටික ගන්න.
DOWNLOAD

Sunday, September 10, 2017

FM STEREO DECODER


අද පොස්ට් එක ඉලෙක්ටෝනික් කරන යාළුවන්ට.ඔයාලට හුඟ දවසකින් දෙයක් දෙන්නත් බැරි වුනානේ.ඉතින් අද මම ගේනවා වටිනා පරිපථයක්.අද නම් ෆෝන් හින්ද ගොඩක් අය රේඩියෝ අහනවා අඩු ඇති.නමුත් හැම නිවසකම රේඩියෝ එකක් තියෙනවා.ඔයාලා ගොඩක් සවුන්ඩ් සිස්ටෙම් පාවිච්චි කරනවනේ.ඒවා ඉතින් මොකක් හරි ඉන්පුට් එකක් දුන්නම අපිට ලේෆ්ට් සහ රයිට් ස්පිකර් වලින් ඇහෙනවා.ඉතින් ඊට ටිකක් සමාන දෙයක් තමයි දෙන්නේ.මේක කට්ටිය දන්නවත් ඇති.නොදන්නවත් ඇති.නොදන්නා අයට තමයි මම මේක ගෙනාවේ.
       මුලින්ම මම මේක හදල ඉවරවෙලා තමයි මේක ඉදිරිපත් කරන්නේ කියල කියන්න ඕනි.හරි...ඔයාලා රේඩියෝ පාවිච්චි කරනවනේ.ඒකෙ සවුන්ඩ් කොහොමද.සාමාන්යෙන් අපි සිඩි එකක් දාල සින්දු අහනකොට..ෆිල්ම් එකක් බලනකොට නියෙමෙට ස්ටීරියෝ සවුන්ඩ් එනවනේ.නමුත් රේඩියෝ එකකින් කොහොමද සවුන්ඩ් එන්නේ.ඔයාලට ස්ටීරියෝ ඇහෙනවද?පොඩි රේඩියෝ වල ඉඳන් ලොකු සෙටප් වලට එනකන් රේඩියෝ තිබ්බත් ඒවායේ දෙපැත්තට ස්පිකර් තිබුනත් ස්ටීරියෝ ඇහෙනවද.ගොඩක් හොඳ ඒවායේ නම් ඇති.ඔයාලා හොඳට බලන්න ඔය සෙටප් එකක් ගලෝල..ඔයාගේ රේඩියෝ එකෙන් එන සිග්නල් එක Pre-Amp එකට හෝ Equlaizer එකට යන්නේ..සිග්නල් එක දෙකට කඩල.එක්කෝ රෙසිස්ටර් දෙකක්...ට්‍රාන්සිස්ටර් දෙකක් හරි පොඩි අයි.සි. එකකින් වගේ තමයි.එහෙම දුන්නම රේඩියෝ සිග්නල් එක ස්ටීරියෝ වෙන්නේ නෑ.ස්පිකර් දෙකෙන් ඇහුනට බලන්න එකම විදිහට තමයි ඒ දෙකෙන්ම ඇහෙන්නේ.ඉතින් අන්න ඒක වෙනස් කරන්න තමයි මේ පරිපථය තියෙන්නේ.
                                                                                  හරි එහෙනම් පින්තුරයට එමු.මේකේ තියෙන උපාංග ඔයාලට ඕනි විදිහට වෙනස් කරගන්න පුළුවන්.හැම එකම නෙමෙයි හැබැයි.මේක මම හදල දැන් අවුරුදු 10ක් විතර වෙනවා.ඉතින් අද මම CFL Circuit  වගයක් හදනකොට මේක දැක්ක.ඉතින් මේක මට දෙන්න හිතුන.ඔක්කොටොම ඉස්සෙල්ල මම බඩු ගන්න ෂොප් එකෙන් මම කෝල් කරලා ඇහුව මේක අයි.සී එක තියෙනවද කියල.මොකද ඒක දැන් එන්නේ නැත්තං මේක දීල වැඩක් වෙන්නේ නෑ නේ.ඉතින් තියෙනවා කිවුව.මේ ටිකට ඔයාලට රු 100 ක් වත් යන්නේ නෑ.හරි මේකේ 1 පින් එක සිග්නල් එක දෙන්නත් 8 සහ 9 පින් දෙක සිග්නල්අවුට් කරන්නත් තමයි තියෙන්නේ.ඊට අමතරව අපිට වැදගත් වෙන්නේ 4 සහ 6 වෙනි පින් දෙක.ඔයාලගේ රේඩියෝ එකෙන් මේකට සිග්නල් එක දුන්නම මේකේ අවුට් පුට් දෙක ඔයාලගේ Pre-Amp එකට හෝ Equlaizer එකේ ඉන්පුට් එකට දෙන්න.ඒ දීල ඔයාගේ දෙපැත්තෙන් බෆල් දෙක තියාගන්න.තියාගෙන රේඩියෝ එක හොඳට ටියුන් කරන්න.සවුන්ඩ් එක හොඳටම පැහැදිලි වෙනකම්.හරි ඔයාට දැන් රේඩියෝ එක ඇහෙනවා.බාගද එක පාරම ස්ටීරියෝ ඇහෙන්නත් පුළුවන්.ඇහුනේ නැත්තං මෙන්න මෙහෙම කරන්න.දැන් තමයි අර පින් දෙක ඕනි වෙන්නේ.ඔයාට පේනවා 4 වෙනි පින් එකට Preset එකක් දාල තියෙනවා.R3=4.7K(5K) කියල තියෙන්නේ අන්න ඒක.ඔයා ඕක හෙමින් කරකවන්න.කරකවනගමන් බලන්න 6 වෙනි පින් එකට සෙට් කරලා තියෙන LED එක පත්තු වෙන්නේ කොතනද කියල.අන්න ඒ පත්තු වෙනකොට Preset එක කරකවල කොතනද තියෙන්නේ බලල එතන නවත්තන්න.හැබැයි LED එක දිගටම පත්තු වෙලා තියෙන්න ඕනි.නිවී නිවී තියෙන්න බෑ.එහෙම වුනොත් ඔය බල්බ් එක හරියටම පත්තුවෙනක්න් අරක කරකවගන්න ඕනි.ඒකයි මම මුලින් කිවුවේ මේක ටෙස්ට් කරන්න රේඩියෝ එක හොඳට ටියුන් කරගන්න කියල.ඔක්කොම හරිනන් දැන් ඔයාට බෆල් දෙකෙන් ලස්සනට දෙපැත්තට කැඩිලා එන හරියට ෆිල්ම් එකක වගේ ලස්සනට සවුන්ඩ් ඇහෙයි.ඔයාලට ස්ටීරියෝ ගතිය මදිනන් කරන්න තියෙන්නේ 6 වෙනි පින් එකේ තියෙනවා රෙසිස්ටර් එකක්.අන්න ඒක අඩු කරගන්න.ඔතන 560Ohm එකක් නේ තියෙන්නේ.ඒකට 150Ohm වගේ දැම්මනං නියමයි.මම දාල තිබුනෙත් ඒක.බලන්න හැබැයි LED එක පිච්චේන්නත් ඉඩ තියෙනවා.150Ohm එකටනං අවුලක් වුනේ නෑ.ඔන්න ඔය වෙනස් කම් ටිකත් කරගෙන බලන්නකෝ සවුන්ඩ් කොහොමද කියල.ලොවෙත් නෑ ඉතින්.
                                                 මේක 5V-12V වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්.සාමාන්‍ය සෙට් එකක වෝල්ටේජ් එක 12V නේ.සමහර ඒවා තියෙනවා 24V/30V වලින් වගේ වැඩ කරන ඒවා.ඒ වගේ එකකට මේක දානවනම් ඔය රේග්යුලේටර් එකක් දාල දාන්න.මම නම් කියන්නේ 7809 කියන එක ඇති.12V වලට මේක ටිකක් රත්වෙන්න බලනවා.

හරි එහෙනම් හදලම බලල වෙනස තේරුම් ගන්න කියල කියනවා.ආයිත් මේ වගේ දෙකින් හම්බවෙමු.
 


Friday, September 8, 2017

CRYSIS ALL



           කොහොමද ෆෑන්ස් දවස් දෙක තුනක් පරක්කු වුණා.සමාවෙන්න ඕනි.කොහොමද මේ සිරිස් එක එල නේද?ඒ කාලේ තිබ්බ මැසින් වල මේ වගේ ගේම් එකක් ගහන්න තිබ්බ කියන්නේ ඉතින් හම්මේ....මම දැකපු අඩු පීසී එකක ගහන්න පුළුවන් හොඳම ගේමක් තමයි මේක.එහෙම කියන්නේ FarCry ගේම් එක තමයි තිබුනේ මුලින්ම ලෝ පීසී වල ගහන්න පුළුවන් හොඳ ග්‍රැපික් තියෙන ගේම් එකක් විදිහට.නමුත් ඊට නොදෙවෙනි විදිහට මේක ආව.මේකේ පලවෙනි ගේම් එක ඒ දවස් වල ගහපු අය දන්නවා ඇති.අම්මෝ ග්‍රැපික්..අම්මෝ ඇක්ෂන්..ඉතින් ඒ විදිහට 2007 ආපු ගේම් එකක් තමයි 2013 වෙනකන් ඇවිත් නැවතුනේ.ගේම් 3ක් ආව.මේක හදන එන්ජින් එකත් ඔයාලා දන්නවා ඇති Cryengine කිවුවම ගේම් ගහන අය නම් නොදන්නවා වෙන්න බෑ.ඕනිවට වඩා ගේම් සිරිස් එක නිකුත් කරලා චාටර් වුනේ නැති ගේම් සිරිස් එකක්.Crysis 3 අද වෙනකොට ගොඩක් ජනප්‍රියයි.ඒකනම් සුප්පා තමයි.ගේම් එකක් බලන්න ඕනි හැම අතින්ම බැලුවම නියම ගේම් එකක්.ඉතින් මේකේ 3 වෙනි එක ගහන්න ඔයාලට පීසී එක මහා ලොකුවට ඕනි නෑ.C2Due/6GB Ram/GT610 වගේ තිබුනොත් හොඳටම ඇති.මම හැමදාම කියන්න වගේ මේක තමයි මගේ පීසී එක.ඉතින් මේවා ඔක්කොම මම ගහල තියෙන හින්ද තමයි ෂුවර් විදිහට දෙන්නේ.අනික මම බාන ටොරන්ට් ලින්ක් ඔක්කොම මම ගාව තියෙනවා.ඒවායින් අරන් ඉන්ස්ටෝල් කරලා වැඩද බලල තමයි දෙන්නේ.ඒක හින්ද මේවා 100% ෂුවර් බඩු.මමත් ගේම් සේල් කරනවා.කට්ටිය වැඩිය නොදැනුවත් වුනාට.මගෙන් ගන්න අය ඉතින් ඒක දන්නවා.වැඩිය කතා ඕනි නෑ.ලින්ක් ටික දෙන්නම්.පහල ඇති බාගන්න.මම ගියා...ජය වේවා..

Crysis 1 (2007) 5.19GB
Crysis 2 (2011) 6.08GB
Crysis 3 (2013) 9.95GB 

Wednesday, September 6, 2017

ASSASSINS CREED ALL




       කට්ටිය අතරේ තවත් ඉතා ජනප්‍රිය ගේම් එකක් තමයි මේ.COD ගේම් එකට කරට කර තරඟයකින් BF ගේම් එක ආවත් COD ඒකත් එක්ක සිරිස් වලින් තරඟයක් දුන්න ගේම් එකක් තමයි මේ.ගොඩක් අය ගහන්න ආසයි.සමහරු කැමති නෑ.ටිකක් අමුතුයි.හැබැයි ස්ටොරිය අතින් නම් ඉහලින්ම තියෙන ගේම් එකක්.ඒ වගේමයි ග්‍රැපික්.මේකෙත් 2007 ඉඳන් 2016 වෙනකන් ගේම් 9ක් නිකුත් වෙලා තියෙනවා.ගොඩක් ජනප්‍රිය වුණා මේකේ 03 වෙනි එකයි..Black Flag ඒකයි..Unity ඒකයි.නමුත් සමස්තයක් විදිහට ගත්තම හැම එකක්ම ඉතා හොඳ ඒවා.ගොඩක්ම මේකේ තියෙන ඇක්ෂන් වලට තමයි ආස.අමුතුම ස්ටොරියක් නිසා තවත් ආසයි.මේකෙත් අලුත්ම එක ගහන්න Core2Due/8GB Ram/2GB GT710 වගේ තිබුනොත් මොකක් හරි ලයින් එකක් දාගන්න පුළුවන්.හරි ගහපු නැති අය අරං බලන්න මෙන්න ලින්ක් ටික.ජය වේවා..ම්ම්ම් තව දෙයක් මේකේ සමහර ගේම් එක ලින්ක් එකක ඇති.එහෙම ඒවා සිලෙක්ට් කරලා ගන්න.

Assassins Creed 1 (2007) 2.29GB
Assassins Creed 2 (2009) 2.98GB
Assassins Creed  Brotherhood (2010) 2.99GB
Assassins Creed Revelations (2011) 3.63GB
Assassins Creed 3 (2012) 6.75GB 

TORRENT DOWNLOAD

Assassins Creed Black Flack (2013) 6.11GB
Assassins Creed Rogue (2014) 5.22GB
Assassins Creed Unity (2014) 34.47GB 
Assassins Creed Syndicate (2015) 33.51GB